ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අවසන් මහා තරගය සඳහා තියුණු තරගයකින් පසු සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවන අර්ධ අවසන් තරගය කඩුලු 3 කින් ජය ගැනීමත් සමඟයි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 212 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම 47 වන පන්දුවාරයේදී කඩුලු 7 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව 2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ලබන 19 වනදා පැවැත්වීමට නියමිතයි.

Previous articleශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
Next articleසවස් කාලයේ තද වැසි