තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියගේ ක්‍රිකට් පිටියේ දස්කම්

Share

තිලකරත්න ඩිල්ෂාන් මෙරට හිටපු සුපිරි ක්‍රිකට් තරුවක්.

දක්ෂතාවය අතින් වගේම ජනප්‍රියත්වය අතින්ද ඔහු තවමත් සිටින්නේ ඉදිරියෙන්.

දක්ෂ ක්‍රීඩකයෙක් වූ ඩිල්ශාන්ගේ දියණියත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී තිබෙනවා.

ඇය නමින් ලිමන්සා තිලකරත්න.

ඇය දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන අතර ක්‍රිකට් පිටියේ දක්ෂතා අඛණ්ඩව ඉදිරිපත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලියකදි ඇය දක්ෂතාවයන් දැක් වූ බවට mcc ක්‍රිකට් නිව්ස් වෙබ් අඩවියේ සඳහන් කර තිබුණා.

පළමු තරඟයේදී ලකුණු 45ක්ද දෙවැනි තරඟයේදි නොදැවී ලකුණු 72ක්ද තෙවැනි තරඟයේදී නොදැවී ලකුණු 63 ක් ලබාගෙන තරඟ තුනකදී කඩුළු 3ක්ද ලබාගන්නට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News