බිත්තර මිලියන 15 ක් අද දිවයිනට

Share

උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් අද (17) දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇති බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව එම බිත්තර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

මෙම බිත්තර මිලියන 10ක් එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News