යුක්තියෙන් තවත් 950ක් අත්අඩංගුවට

Share

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා.

මෙම විශේෂ මෙහෙයුමේ දී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 296 g
අයිස් 194 g
ගංජා 117 kg 421g
ගංජා පැල 41767ක්
අබිං 48kg 140g
මාවා 01 kg 86 g
තුල් 25 g
මත්පෙති 223 ක්
ඈෂ් 90 g
මදන මෝදක ගුලි 77 g

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News