කෝටි 06ක් වටිනා ගංජා තොගයක් අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ගෝනගංආර පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමක දී යාල රක්ෂිතය තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ 1570 ක් සහ දේශිය නිශ්පාදිත ගිණි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාළ වන රක්ෂිතය තුල 8Km පමණ දුරක පහසුවෙන් ළඟා වීමට නොහැකි ප්‍රදේශයක අලෙවි කිරීමට සකසා තිබියදී මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු ගෝනගංආර පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Read more

Local News