ඇෆ්ඝනිස්තාන කණ්ඩායම 30 වැනිදා දිවයිනට

Share

එළඹෙන ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ජනවාරි 30 වැනිදා දිවයිනට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව මෙම තරඟ සංචාරය සඳහා තරඟ රටා ත්‍රිත්වයම ඇතුළත් වන අතර, එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 3 ක් හා විස්සයි විස්ස තරග 3 ක් ඇතුළත් වනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා ආරම්භ වන අතර අනතුරුව එක්දින තරඟාවලිය පෙබරවාරි 9, 11 හා 14 යන දිනවල දී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි 17 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර ඉතිරි තරඟ 19 සහ 21 දිනවලදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

තරඟ කාලසටහන පහතින් දැක්වේ,

Read more

Local News