බහින්බස් වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙක් මරුට

Share

චුන්නාකම්, කන්දරොඩේ ප්‍රදේශයේදී ඊයේ (30) සවස පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතුල තුවාල ලබා තෙලිප්පලේ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක කන්දරොඩේ, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බහින් බස් වීමක් දුර දිග යාම මෙම ඝාතනයට හේතු වී ඇති බව සිදු කළ විමර්ශනයේ දී කරුණු අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

චුන්නාකම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News