ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය හෙට

Share

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (09) සිට ලබන 14 වැනිදා දක්වා පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

අන්තර් ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේවල ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඇෆ්ගනිස්ථානයට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

දෙරට අතර මීට පෙර එක්දින තරග 12 ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 7 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

ඇෆ්ගනිස්ථානය තරඟ 4 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ජය ලබා තිබෙනවා.

එංගලන්ත හිටපු සුපිරි ක්‍රීඩක ජෝතනත් ත්‍රෝඩ්ගේ පුහුනුකාරීත්වය යටතේ ඇෆ්ගනිස්ථාන බල ඇණිය මෙවර ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එක්දින තරගාවලි ජයක් පළමු වරට ලබා ගැනීම සඳහායි.

ඔවුන්ගේ සුපිරිතරුව රශීඩ් ඛාන් එක්දින තරගාවලියට සහභාගී නොවන අතර ඔහුගේ ආබාධය සුව නොවීම ඊට හේතුවයි.

ඇෆ්ගනිස්ථානය නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී 6 වැනි ස්ථානය ලබා ගත් අතර එහිදී ජයග්‍රහණ 4 කටද හිමිකම් කීවා.

ශ්‍රී ලංකාව තරගාවලිය නිමා කලේ 9 වැනියා ලෙයසි.

එහි ශ්‍රී ලංකා නායකත්වය දැරූ දසුන්ට එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙනවා.

චාමික කරුණාරත්න යලිත් එක්දින පිටියට කැඳවනු ලැබුවා.

Read more

Local News