පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ

Share

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම සඳහා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රි ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට ගණණය කර තිබෙනවා.

එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසැල්, දුෂ්කර පාසැල්, හුදෙකලා පාසැල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000 කට 2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

Read more

Local News