ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.
විධාරණය වෙමින් පවතින ගිනිකන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බවට සැකපළ කරන බැවින් සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
1871 වසරේදී එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් සුනාමි අනතුරක් ද සිදුවුණා.
එම ගිනිකන්ද මේ වනවිට විදාරණය වී ඇති අතර ඉන් ලාවා සහ අළු විහිඳුවමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඉන්දුනීසියාව ලොව වඩාත්ම සක්‍රීය ගිනි කඳු පවතින ගිනි වළල්ල කලාපයේ පිහිටා තිබෙනවා.