අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹෙයි

Share

සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වුණා.

ඒ අනුව මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙලෙස අදින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය අංශය පවසනවා.

පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දිනෙන් අවසන් කෙරුණි.

මේ අතර ලබන මැයි 06 වනදා සිට 18 වනදා දක්වා 2023 අධ්‍යනය පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර ඒ අනුව මැයි 3 වන දින පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වීමට නියමිතයි.

Read more

Local News