බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

Share

මින්නේරිය පොලිස් වසමේ හේන්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 39ක් වූ හේන්යාය, මින්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරුවන් විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News