වාහන මිලදී ගැනීමේ දී සැලකිලිමත් වන්න – සියඹලාපිටිය කියයි

Share

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

2015 සිට 2022 තෙක් විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රජසන්තක කිරීම සිදු කිරීමට නියමිතයි.

Read more

Local News