සැකකටයුතු මරණයක්

Share

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේව මෙහෙයක් අතරතුර හදිසි රෝගාබාධයකට ලක්වු කාන්තාවක් පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 58 ක් පමණ වන විල්පත, හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

සිදු කරන වැඩිදුර විමර්ශනයේදී මෙම කාන්තාව දිර්ඝ කාලයක සිට හෘද රෝගයකින් හා සෙම් රෝගයකින් පෙළෙන තැනැත්තියක් බවට අනාවරණය වී ඇති අතර රෝග සුවවීම සදහා කාන්තාව විසින් රැගෙන එන ලද ජලය දේවගැතිවරයා විසින් යාඥා කර නැවත එම කාන්තාවට බීමට ලබාදීමෙන් පසුව ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එම කාන්තාව මියගොස් තිබෙනවා.

Read more

Local News