සිලාවතුර පොලිස් වසමේ ආරිප්පු ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් හා මුහුදු බෙල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතින් ධීවර බෝට්ටුවක් ගමන් කිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා එම පුද්ගලයා මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 39ක් වූ සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමඟ ආරිප්පු මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 07 ක් පමණ දියබට ගොස් කිමිදෙමින් මුහුදු කුඩැල්ලන් අල්ලමින් සිටින අතරතුරදී එම ස්ථානයෙන් ගමන්ගත් ධීවර බෝට්ටුවක අවර පෙත්ත මරණකරුගේ හිසේ වැදි මෙම අනතුර සිදුව තිබෙනවා.