මාස 9ක බිළිඳියක් ඝාතනය කරයි

Share

මහබාගේ පොලිස් වසමේ හලන්දුරුව පාර, රාගම ලිපිනයේ වයස මාස 09 ක් පමණ වූ බිලිදියක් කවුරුන් හෝ රැගෙන ගොස් ඇති බවට බිළිදියගේ පියා විසින් මහබාගේ පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී පැමිණිලිකරු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති ළිදක් තුල තිබී බිළිදියගේ මෘත ශරීරය හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මව විසින් බිළිදිය ළිදට දමා ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව මෙම ඝාතනයට සැකපිට බිළිදියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වයස අවුරුදු 30ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News