කලර් ලයිට් යාචකයින් ගැන දැනුම්දීමක්

Share

හිතාමතා අනතුරක් සිදුකර ගැනීමට උත්සාහ කරන යාචක කණ්ඩායමක් ඔරුගොඩවත්ත, බොරැල්ල, දෙමටගොඩ හංදිය, පැලියගොඩ යන ප්‍රදේශවල විදුලි සංඥා පුවරු අසල සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

බොහෝ යාචකයින් සිඟමනේ යෙදුන ද මෙම කණ්ඩායම ව්‍යාපාරයක් ලෙසට කරගෙන යන බවටයි අනාවරණය වී ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන පරිපාලන හා මහාමාර්ග ආරක්ෂාව) ඉන්දික හපුගොඩ ප්‍රකාශ කරනවා.

රථ වාහන ගමන් කිරීමේ දී වම් පසින් හෝ දකුණු පසින් පැමිණ රියදුරුගේ ගමන නැවත්වීමට මෙම පුද්ගලයින් කටයුතු කරන අතර ඇතැම් විට රිය පදවන අවස්ථාවේ දී ධාවනය වන වහනය ඉදිරියට පැනීමක් සිතා මතා සිදු කරයි.

එසේ කිරීමෙන් අනතුරක් සිදුකරගෙන වාහනයේ රියදුරන්ගෙන් මුදල් ලබා ගැනීමට තැත් කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහි දී සඳහන් කළා.

නමුත් මෙවැනි පුද්ගලයින් නිසා රිය අනතුරු බොහොමයක් සිදුවන බවත්, මෙවැනි පුද්ගලයින්ට මුදල් ආධාර කිරීම නොකරන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News