දිය වැලකට හසුවූ මව සහ දියණිය බේරාගනී

Share

පානදුර වෙරළ තීරයේ දිය නෑමට ගිය මවක් හා ඇයගේ දියණිය දිය වැලකට හසු වී මුහුදට ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් එම දෙදෙනා බේරාගෙන තිබෙනවා.

අනතුරුව කාන්තාවට සහ දැරියට මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 06 ක දැරියක් හා වයස අවුරුදු 38ක් වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News