පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් තරුණයින් දෙදෙනෙක් මරුට

Share

කොටහේන, සංඝරාජ මාවත දෙස සිට ආමර්විදිය හන්දිය දෙසට ධාවනය කල යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ මැද දූපත් කොටසේ මල් පෝච්චියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුවන් වයස අවුරුදු 20 හි පසුවන දෙමටගොඩ හා කොළඹ 13 ප්‍රදේශ ල පදිංචිකරුවන් වේ.

Read more

Local News