වීසා ගාස්තුව ගැන නිවේදනයක්

Share

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක වෙයි.

මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කරයි.

Read more

Local News