රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංචාරක වීසා මගින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති අතර, එරටදී රැසියානු-යුක්‍රේන යුද්ධයේ යුධ පෙරමුණට යාමට මෙම ලාංකිකයින්ට සිදුව තිබෙනවා.
මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික බවයි වාර්තා වන්නේ.
කිසිඳු හමුදාවක සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරිම රජය අනුමත නොකරන බවත්, සංචාරක වීසා මගින් කිසිඳු විටෙක විදේශ රැකියා සඳහා යොමුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කරන ලෙසයි අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.