15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146ක් ඊලඟ තරාතිරමට උසස් කර තිබෙනවා.
වසර 30 කට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර මවිබිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ස්ථාපිත කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ අනභිබවනීය දායකත්වය එම විජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් විය.