දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

Share

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නාය යැමේ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, බදුල්ල, හාලිඇල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙයට අමතරව, කොළඹ, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කයට අනතුරු ඇඟවීම හෙට (20) අළුයම දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

Read more

Local News