ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්වෙයි

Share

ඉරානයේ ජනාධිපති එබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණා.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති අතර ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා කණ්ඩායම් 40ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News