සුරා සැල් වැසෙන දිනයන් මෙන්න

Share

වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පොහොය දින (23) සහ වෙසක් පොහොය දිනට පසු දින (24) යන දින දෙකෙහි දිවයිනේ සියලුම සුරාසැල් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව, මැයි මස 23 සහ 24 යන දිනයන්හි, දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කිරීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන මෙලෙස වසා තැබීමට නියමිතයි.

2024 රාජ්‍ය වෙසක් උත්සවය මාතෙල් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, මාතලේ නගර සීමාව තුල පවතින සියලුම සුරාසැල් හෙට (21) සහ අනිද්දා (22) දෙදිනද වසා තැබීමට නියෝග කර තිබෙනවා.

Read more

Local News