ට්‍රැක්ටර් අනතුරකින් 16 හැවිරිදි සිසුවෙක් මරුට

Share

මුලතිව් පරන්තන් මාර්ගයේ ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ට්‍රැක්ටර් රථයේ ටේලරය පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ටේලරයේ ගමන් කල මඟින් 06 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමේදී එක් මඟියෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 16ක් වූ තම්බිරාසපුරම් ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මරණකරු සමඟ මෙම ට්‍රැක්ටර් රථයේ මඟින් 14 දෙනෙකු ගමන් කර ඇති අතර කෝවිලක පවත්වනු ලබන උත්සවයකට සහභාගි වීමට මොවුන් මෙලෙස ගමන් කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News