රිය අනතුරකින් අවුරුදු 6ක දරුවෙක් මරුට

Share

ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරුගේ පවුලේ සාමාජිකයින් සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඔහුගේ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දරුවා වයස අවුරුදු 06ක් වූ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.

Read more

Local News