කොළඹ අවධානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Share

කොළඹ ප්‍රදේශයේ අවධානම් ගස් ඉවත් කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව ඊයේ (27) කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම ගස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය කොළඹ මහනගර සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන බවත් එසේ ඉවත්කරන ගස් සඳහා අලුත් ගස් සිටුවීමට තීන්දු කළ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News