වාරියපොල පොලිස් වසමේ මාවත වැවේ පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 47ක් වූ වඳුරැස්ස ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා මසුන් ඇල්ලීමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේදී මරණකරුගේ මෘත ශරීරය මාවත වැවේ තිබී සොයාගෙන තිබෙනවා.
වැව අසල සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලිය ජලයට කාන්දුවීම හේතුවෙන් මෙම පුද්ගලයාට විදුලිසැර වැදී ඇති බවටයි සිදුකල විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.