ගසකට යට වී කාන්තාවක් මරුට

Share

කහවත්ත, ඕපාත ප්‍රදේශයේ දී තේ වගාවකට පොහොර දමමින් සිටි කාන්තාවන් තිදෙනෙකු මතට ගසක් කඩා වැටී කහවත්ත රෝහලට ඇතුලත් කිරීමේදී එක් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 49ක් වූ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැඩි සුළඟ හේතුවෙන් තේ වගාවේ තිබූ ගසක් පෙරළීමෙන් මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවට සිදු කල විමර්ශනයේදී අනාවරණය තිබෙනවා.

Read more

Local News