වයඹදිග හා මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ඊයේ (28) දිනයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවූ බවයි වාර්තා වන්නේ.
උෂ්ණත්වය ඉහළ යාම නිසා දිල්ලි නගරයට රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා.
මේ අතර පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බවද වාර්තා වනවා.
ඉදිරි දින කිහිපය තුළදී අධික උෂ්ණත්වයේ බලපෑම බලාපොරොත්තු වියහැකි බවයි එරට කාලගුණ අංශ නිවේදනය කර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.