පදික මාරුවක අනතුරකින් කාන්තාවක් මරුට

Share

මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් එම කාන්තාව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 53ක් වූ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News