රයිසිගේ දෙවන වාර්තාවත් එළියට

Share

හිටපු ජනාධිපති රයිසිගේ මරණය සිදුවූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් වූ දෙවන වාර්තාව ද නිකුත් කර තිබෙනවා.

කඩාකප්පල්කාරී ක්‍රියාවක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමුවී නැති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

හෙලිකොප්ටරයේ සුන්බුන් සහ සිරුරු කොටස් මත නියදි පරීක්ෂාවන් ද සිදුකර තිබෙනවා.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලය අතර කතාබහ ද පටිගත කිරීම් ඔස්සේ පරික්ෂා කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අවසන් මොහොත වන තෙක් කිසිදු හදිසි ප්‍රකාශයක් සටහන්ව නැති බව ඉන් තහවුරු වී තිබෙනවා.

Read more

Local News