වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් ගුරු, විදුහල්පතිවරුන් අද (30) වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වර්ජනය හේතුවෙන් ඇතැම් පාසල්වල අධ්‍යන කටයුතුවලට බාධා එල්ල වී තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
සමහර පාසල්වල ගුරුවරුන් රාජකාරී සඳහා පැමිණ සිටි බවද වාර්තා වනවා.
මේ අතර සිය වර්ජන ක්‍රියාමාර්ගය සාර්ථක බවයි වෘත්තීය සමිති පවසන්නේ.
විසඳුම් ලැබුණේ නැත්නම් හෙට දිනයේදීත් වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.