දිස්ත්‍රික්ක 07කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Share

දිස්ත්‍රික්ක හතකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම ඉදිරි පැය විසි හතර දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙයි.

ඒ අනුව, අද (01) උදෑසන 08 සිට හෙට (02) උදෑසන 08 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.

Read more

Local News