ජගත් පරිසර දිනය අදයි

Share

ජගත් පරිසර දිනය අදට යෙදී තිබෙනවා.

පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනුව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම්කර තිබෙනවා.

ජගත් පරිසර දිනයට සමගාමීව පසුගිය මැයි 30 සිට ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කළ අතර ජගත් පරිසර දිනයට සමගාමීව මෙරට වන ගහණය වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News