මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 08 කණුව ප්‍රදේශයේදී ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පදික පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 73ක් වන වෑත්තෑව, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරුට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.