පුතාගේ ආරවුලට මැදි වූ පියා අවසන් ගමන් යයි

Share

හෙට්ටිපොල පොලිස් වසමේ පිහිබිය රත්මලේ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා හෙට්ටිපොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 43ක් වූ රත්මලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාගේ පුතා වන අතර, මියගිය පුද්ගලයාගේ පුතා සහ සැකකරු අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News