ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ ආරංචියක් (VIDEO)

Share

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන් වැනි වාරිකය නිදහස් කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර ඇතැයි විදේශ අමාත්‍ය අලි සබ්‍රි සිය X ගිණුමේ සටහනක් තබමින් සදහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය අරමුදලේ තෙවැනි වාරිකය මෙරටට හිමිවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News