විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම අද සිට

Share

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම අද (14) ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

ඊයේ (13) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව අද පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News