ජල නලයේ ගැටුන මෝටර් රථය නිසා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම නවතී

Share

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධියට ආසන්න ප්‍රදේශයකදී මෝටර් රථයක් ජල නලයක ගැටී තිබෙනවා.

කලටුවාව ජලාශයේ සිට මහරගමට ජලය රැගෙන යන නලයකයි මෙම රථය ගැටී ඇත්තේ.

ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලටයි මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ.

අලුත්වැඩියා කටයුතු සඳහා පැය 24කට වැඩි කාලයක් ගතවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මංඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News