තැන තැන සිදුවන රිය අනතුරු – දෙදෙනෙක් මරුට

Share

මොරටුව සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 70ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.

එසේම පොල්ගහවෙල දෙස සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 43ක් වන පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News