අභියෝග හමුවේ කිසිවිටකත් පැන යන්න එපා – ජනපති

Share

අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රටේ සාර්ථක නායකයෙක්, දක්ෂ දේශපාලනඥයෙක් ලෙස ලද අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්දැයි මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී.

මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ මෙම හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ‘ගෝල්ඩන් රිවර්’ හෝටලයේදී ඊයේ (22) පැවැත්වුණා.

Read more

Local News