ගාසා ළමා අරමුදලට කාත්තන්කුඩියෙන් රුපියල් මිලියන 10ක්

Share

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ ඊයේ (23) සංවිධානය කර තිබූ විශේෂ යාඥා මෙහෙයට එක්වෙමින්.

මේ අතර ගාසාහි ගැටුම්වලින් විපතට පත් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරම්භ කළ ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලිය විසින් රුපියල් එක්කෝටි හත් ලක්ෂ හැට නව දහස් හාරසිය දාහතක මුදලක් පරිත්‍යාග කිරීමට අදාළ චෙක්පත ද භාරකාරීත්ව මවුලවිතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

Read more

Local News