රුසියාවට ත්‍රස්ත ප්‍රහාරයක් – 23ක් මරුට

Share

රුසියාවේ ඩැගෙස්තාන් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයන් 23 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ද ඇතුලත් බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සන්නද්ධ පිරිස් 6 දෙනෙකු ද මියගොස් තිබෙනවා.

ඩැගෙස්තාන් ප්‍රදේශයේ දේවස්ථාන, යුදෙව් ආගමික මධ්‍යස්ථානවල පැවති ආගමික උත්සව ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාර සඳහා කලු පැහැති ඇඳුමින් සැරසුණු වෙඩික්කරුවන් දස දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් පොලිස් මෝටර් රථවලට වෙඩි තබන අයුරු සමාජ මාධ්‍යවල පළ කර ඇති දර්ශනවල දැක්වෙනවා.

Read more

Local News