නිවිතිගල වෙඩිතැබීමක්

Share

නිවිතිගල, පාතකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 38ක් වූ පාතකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

තුවාලකරු විවාහක පුද්ගලයෙකු වන අතර මෙම පුද්ගලයා පදිංචි නිවසේ ඉදිරිපිට මිදුලේ තම ඥාති පුත්‍රයෙකු සමග රැදී සිටි අවස්ථාවේදී මුහුණ ආවරණය වන පරිදි ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ සිටි නාඳුනන පුද්ගලයෙකු පා ගමනින් තුවාලකරුගේ නිවස ඉදිරිපිටට පැමිණ වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News