බෝට්ටුවක් පෙරලී පුද්ගලයෙකු මරුට

Share

කයිට්ස් කුරිකට්ටුවාන් ජැටිය ආසන්නයේදී බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නාගදීප දුපත වෙත කළු ගල් දැමූ උර ප්‍රවාහනය කරමින් සිටියදී බෝට්ටුව පෙරළීමෙන් එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අනෙක් පුද්ගලයින් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක්.

Read more

Local News