තැන තැන සිදුවන රිය අනතුරු – දෙදෙනෙක් මරුට

Share

කැබිතිගොල්ලෑව දෙස සිට පදවිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල ඇලකට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 57ක් වූ ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එසේම හෙට්ටිපොල දෙස සිට මදුල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හෙට්ටිපොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 46 ක්වූ සුනන්දපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News