මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු මරුට

Share

පානදුර මුහුදු තීරයේ දියනාමින් සිටි පුද්ගලයෙකු මුහුදු රළ සමඟ ගසාගෙන ආ දැව කඳක් වැදීමෙන් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 27ක් වන ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ඔහුගේ මිතුරන් සමඟ දිය නාමින් සිටින අවස්ථාවේදී මුහුදේ පාවී ආ ගසක කඳ කොටසක් මෙම පුද්ගලයාගේ හිසේ සහ පපු ප්‍රදේශයේ වැදි ඇති අතර, තුවාල ලැබු එම පුද්ගලයා පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් විසින් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවට සිදුකරන ලද විමර්ශයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News