අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ඇරඹෙයි

Share

අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග ඊයේ (04) අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාව දී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සමීක්ෂණ කටයුතු ජූලි මස 15 වැනි දා නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුව ද කඩිනමින් දෙවැනි අදියරේ ප්‍රතිලාභ ගෙවීම ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් හැකි සෑම දිස්ත්‍රික්කය ම එම කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර තවදුරටත් අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු නොකළ පිරිසට ඉදිරි සතිය තුළ එම අවස්ථාව උදා වන බව අමාත්‍යවරයා පවසා සිටියා.

Read more

Local News